හිමිකාරයා කොයි ඉසව්වේද?

289

තම පෙම්වතා හෝ පෙම්වතිය කවදා කෙසේ හමුවේ දැයි තරුණ තරුණියන් නිතර අසන ප්‍රශ්නයකි. එසේම තම සහකරු හෝ සහකාරිය කුමන දිශාවේ හෝ පළාතේ සිටී දැයි අසයි. අතීතයේ විවාහ වී ඇත්තේ තම ගමෙන් හෝ අල්ලපු ගමෙන් හෝ ඉතා නුදුරු පළාතකිනි. අද එසේ නොවේ. ජාතිය, කුලය, ආගම, වයස ආදියෙන් වෙනස් අයද සැතපුම් සිය ගණන් දුර වූ අයද, විදේශවල සිටින අයද සමග විවාහ වනු ඇත. එම නිසා මෙම ප්‍රශ්නය ඉතා සංකීර්ණය. ජ්‍යොතිෂ න්‍යායන් ඉගෙන ගත් පමණින්ම මේ ප්‍රශ්නයන්ට උත්තර දීමට ඉක්මන් නොවී දහස් ගණනක් විවාහක ස්ත්‍රී පුරුෂයන්ගේ කේන්දර සමග ඒ අය විවාහ වූ දිනයත් සහකරු සහකාරිය මුණගැසුණ ආකාරයත් දිශාවත් පිරික්සිමි. මෙසේ පරීක්‍ෂණ තුළින් හෙළිවූ කරුණු ස්වල්පයක් ඔබ හමුවේ විස්තර කරනුයේ ඔබේ කේන්දරය ඔබටම බලා තේරුම් ගැනීම පිණිසය.

ඇතැම් අයට උත්සව අවස්ථාවලදී අනාගත තම සහකරු, සහකාරිය හමුවනු ඇත. තවත් අයට ආගමික ස්ථානයකදී ද තවත් අයට මරණ වැනි ශෝක අවස්ථාවකදී ද තම අනාගත ඉරණම්කාරිය, ඉරණම්කරු හමුවිය හැක. රැකියා කරන ස්ථානයකදී හෝ පාසල් අවදියේ දී ඇති කරගන්නා ප්‍රේම සම්බන්ධතාද යුගදිවිය දක්වා වර්ධනය වන අවස්ථාද ඇත.

මේ අතර විවාහ වන කාලය නික්ම යන තුරුද තම සහකරු හෝ සහකාරිය කොයි දිශාවේ හෝ කොයි ඉසව්වේ සිටීද යන ප්‍රශ්නය ඇති අයද සෑහෙන සංඛ්‍යාවක් අප අතර සිටිති.

හිමිකාරයා කොයි ඉසව්වේද?

අප පළමුව ඇය හෝ ඔහු සිටින දිශාව සොයමු. ඊට පෙර මෙම කරුණු දැන ගනිමු. අට දිශාව මෙසේ දැක්වෙන අතර ඒ ඒ ග්‍රහයන්ට ඒ ඒ දිශාවන්ට අයත් වන හැටි මෙසේ තේරුම් ගනිමු.

රවි ග්‍රහයා/හිරු නැගෙනහිර
සිකුරු ග්‍රහයා/සිකුරු ගිනිකොන
කුජ ග්‍රහයා/අඟහරු දකුණ
රාහු ග්‍රහයා/රාහු නිරිත දිග
සනි ග්‍රහයා/සෙනසුරු බස්නාහිර
චන්ද්‍ර ග්‍රහයා/සඳු වයඹ
බුධ ග්‍රහයා/බුද්ධ උතුර
ගුරු ග්‍රහයා/බ්‍රහස්පති ඊසාන

මේ අනුව ඔබගේ සහකරු හෝ සහකාරිය කොයි දිශාවේ සිටිනුයේ දැයි දැනගැනීමට ඔබේ කේන්දර පරීක්‍ෂා කර බලන්න. විවාහය ගැන කතා කරනුයේ කේන්දරයේ 7 වැන්නෙනි. හත අධිපතියා සිටින භාවය බලා සහකරු හෝ සහකාරිය සිටින දිශාව තේරුම් ගත යුතුයි. අපි උදාහරණ වශයෙන් කේන්දරයක් ගෙන එයින් කියැවෙන කරුණු පරීක්‍ෂාකර බලමු. මෙම කේන්දර හිමියාගේ තොරතුරු පරීක්‍ෂාකර බලමු.

හිමිකාරයා කොයි ඉසව්වේද?

දොළොස් වැන්නේ චතුර් ග්‍රහ යෝගයක් ඇත. එය පැවිදි යෝගයකි. මොහු කුඩා කලම පැවිදි වී සිට තරුණ කාලයේදී උපැවිදි වී ඇත. 10 පිහිටි කුජ ශුක්‍ර අති ධාවන කාම යෝගය එයට හේතුවී ඇත.

7 හා 8 අධිපති සෙනසුරු විසිදෙවැනි දෙර්කාණාධිපතියා වී දොළොස් වැන්නේ සිටී. හත්වැන්නේ සඳු සිටී. එයින් කරුණු දෙකක් කිව හැකිය. ඔහු උපන් නිවෙසට ඉතාමත් නුදුරුව විශාල ජලාශයක් ඇති බවය. අනික ඔහුගේ භාර්යාව ඉතා ලස්සන තැනැත්තියක් බවය.

සනි දොළොස් වැන්නේ සිටින බැවින් ඔහුට දායාදයක් ලැබෙන්නේ නැත. හත අධිපතිව විසි දෙවෙනි දෙර්කාණාධිපතියා වූ නිසා ඇය කුලයෙන් හෝ ආගමෙන් හෝ වයසින් හෝ වෙනස් තැනැත්තියක් විය යුතුය.

හත අධිපති දොළොස්වැන්නේ බැවින් දෙදෙනා අතර පරතරය සැතපුම් සියයක් පමණ වෙනස්ය. සෙනසුරුට බස්නාහිර අයත් බැවින් ඔහුගේ සහකාරිය කොළඹ ප්‍රදේශයේය. ඔහු වයඹ පළාතේ අයෙකි.

ඔහුගේ කේන්දරයෙන් ඇයගේ තොරතුරු පරීක්‍ෂා කරමු. හතේ සඳු සිටින නිසා ඇය රූමත්ය. හතෙන් නතර වූ 10 කුජ ශුක්‍ර යෝගය ඇති නිසා ඇයගේ මවද ඉතා ලස්සන බවත්, මවට විවාහ දෙකක් සිදුවී ඇති බවත් දැක්විය හැකිය.

එසේම ඔහුගේ පියාටද විවාහ කීපයක් සිදුවී ඇත. ගුරුගේ නව වැනි දෘෂ්ටිය දහයට වැටීම නිසා ඇගේ නිවෙසට නුදුරුව විශාල පන්සලක් තිබිය යුතුය. ඇගේ නිවෙසට නුදුරුව විශාල විiායතනයක් ද පිහිටා ඇත.

අප වෙතට පොරොන්දමක් බලාගැනීමට යම් අයෙකු පැමිණි විට ඒ අයගේ හෝ දුවගේ පුතාගේ හෝ කේන්දරය පමණක් ගෙන අනිත් අයගේ සියලු විස්තර එම කේන්දරයෙන් විමසන්නෙමු. ඊට පසුවය පොරොන්දම් බලනුයේ.

ඉහත සඳහන් ක්‍රමය ප්‍රගුණ කිරීමෙන් ඔබේ කේන්දරය ඔබටම බලා සහකරු හෝ සහකාරිය සිටින දිශාව ඇතුළු තොරතුරු රැසක් දැනගත හැකිය. (ආශ්‍රිත ග්‍රන්ථ – විවාහයට කේන්දරය බලපාන හැටි හා ඔබේ විවාහය ජ්‍යොතිෂ්‍ය ඇසින්)

හිමිකාරයා කොයි ඉසව්වේද?

ජේ. ඒ. ඇස්. සහන් ජයකොඩි,
ජයකොඩි ජ්‍යොතිෂ්‍ය සේවය,
රද්දොළුගම.
දුරකථන 0114262367/076011960.

advertistmentadvertistment
advertistmentadvertistment