නිර්භීත පුද්ගලයන් බිහිකරන ශිව යෝගය ඔබේ හස්තයේත් තිබේද?

124

ශිව යෝගය දහසකුත් යෝග අතර ඉතා ජනප්‍රිය යෝගයකි. මෙම යෝගය ජන්මපත්‍රයක් තුළ දැකිය හැකි ග්‍රහ පිහිටීම වනුයේ, 5 අධිපතියා 9 වැන්නේද, නමය අධිපතියා දහවැන්නේද, 10 අධිපතියා 5 වැන්නේ වීමයි.

මෙය ජන්මපත්‍රයක් ආධාරයෙන් විමසා බලමු.

නිර්භීත පුද්ගලයන් බිහිකරන ශිව යෝගය ඔබේ හස්තයේත් තිබේද?

මෙම කේන්දර හිමියාගේ පහ අධිපති රවි වන අතර එම රවි නම වැන්නේ සිටී. නමය අධිපති වන ගුරු දහවැන්නේය. දහය අධිපති ශනි 5 වැන්නේ තැන්පත් වීම තුළින් අදාළ ජන්මියාට ශිව යෝගය උදාවී ඇත.

ශිව යෝගයට අදාළ ග්‍රහයින් පාප පීඩිත නොවී, අශුභ, දෘෂ්ටි නොලබා, රාශිගත බලයද ප්‍රබල වී පිහිටි විට මෙන්ම යෝගයට දායක වූ ග්‍රහයින් අදාළ ජන්මියාට 22 වන දෙර්කාණාධිපති, චර නවාංශකාධිපති, 64 නවාංශකාධිපති, බාධක ග්‍රහයා, නිදනාම්ශ ග්‍රහයා හෝ අෂ්ඨමාංශ ග්‍රහයා නොවිය යුතුයි. මෙලෙස නිරවුල්ව පිහිටි ශිව යෝගය ජන්මියාට බොහෝ සුබ ඵල උදාකරවයි.

ශිව යෝගය හිමියා ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ ඉහළටම යන අයෙක් වන අතර සෑම ස්ථානයකම ප්‍රධාන තැන හිමිවන අයෙකි. උගත් බුද්ධිමත්, යහපත් ගතිගුණ වලින් හෙබි මොවුන් කාර්යය බහුල දිවියකට හිමිකම් කියයි. නිර්භීතකමෙන් පිරිපුන් අයෙකි. සෑම අපහසු කාර්යයකදීම නිර්භීතව ඉදිරියට යෑම නිසා, සමාජයේ කැපී පෙනේ. නිතර අණදෙන ස්වභාවයෙන් යුත් මොවුන්, තේජවන්ත මෙන්ම ප්‍රතාපවත් පෙනුමෙන් යුක්තය. මොවුන් කිසිවිට අධම වැඩ නොකරයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සත්පුරුෂයන්ය.

ශිව යෝගය ජන්මපත්‍රයක ප්‍රබලව යෙදී ඇති විට අදාළ ජන්මියාගේ හස්තයේද එම යෝගයට අදාළ සලකුණ දැකිය හැකිය. ශිව යෝගයේ සලකුණ ලෙස අදාළ ජන්මියාගේ අත්ල මැද රැල්ලක සලකුණක් දැකිය හැක. මෙය හස්තයේ ඕනෑම ස්ථානයක තිබිය හැක.

නිර්භීත පුද්ගලයන් බිහිකරන ශිව යෝගය ඔබේ හස්තයේත් තිබේද?

ජ්‍යොතිෂවේදී, දේශබන්දු, ආචාර්ය
මංජුලා පල්ලෙබැද්ද,
පානදුර.
දු. අංකය 0779-282653

advertistmentadvertistment
advertistmentadvertistment