‘The Kandos Shop’ 14 වෙනි අලෙවිසල කළුබෝවිලදී දැන් විවෘතයි

121
සිලෝන් චොක්ලට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පී. කේ. ඩී. එස්. සමන්ත” කීල්ස් ආයතනයේ ආදායම් සැලසුම් ප්‍රධානී අකීල් මුතාලිෆ් යන මහත්වරු විසින් පීත්ත පටිය කපා ‘The Kandos Shop‘ අලෙවිසල විවෘත කළ අයුරු.

දශක හයක් පුරා දේශීය චොක්ලට් නිෂ්පාදනයේ ජාතික සන්නාමය බවට පත්ව ඇති KANDOS නිෂ්පාදන රැසක් ඇතුළත් 14 වෙනි අලෙවිසල ඉකුත් 3 දාට යෙදී තිබුණු සුභ මොහොතින් කළුබෝවිල රෝහල පාර අංක 130/A (කීල්ස් සුපිරි වෙළඳ සංකීර්ණය අසල) දි විවෘත විය .

වර්ග අඩි 1300කින් සමන්විත නවීන පහසුකම් ආදියෙන් යුත් මෙම වෙළඳසලට පිවිසීමේදී රටක් රසගැන්වූ KANDOS නිෂ්පාදන වන විවිධ වර්ගයෙන් සහ හැඩයන්ගෙන් යුත් අතින් නිමවන ලද කැන්ඩොස් චොක්ලට් වර්ග, චොක්ලට් අතුරුපස වර්ග, චොක්ලට් කප් කේක් ඇතුළු කැන්විටා (Kanvita) සිසිල්/උණුසුම් බීම මිලදී ගැනීමට සහ එම ස්ථානයේ සිටම රස විඳිමේ පහසුකම් පාරිභෝගික ජනතාවට උදා වන අතර සැබෑ චොක්ලට් රසය මෙන්ම චොක්ලට් පිළිබඳ නැවුම් අත්දැකීම් රැසක් ද අත්විඳීමේ හැකියාව දැන් ඔබට උදා වී ඇත.

සමාරම්භක උත්සවය සඳහා උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකරණ අධ්‍යක්ෂ නිමල් වෙල්ගම මහතා, උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ සන්නාම අධ්‍යක්ෂිකා කරිෂ්මා වෙල්ගම මෙනවිය, සිලෝන් චොක්ලට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පී. කේ. ඩී. එස්. සමන්ත මහතා ඇතුළු කළමනාකරුවන් සහ විධායක නිලධාරීන් සම්බන්ධ විය.

advertistmentadvertistment
advertistmentadvertistment