මුව ආවරණ පළඳින්නැයි කියූ පීඑච්අයිට තරුණයෙකුගෙන් පොලු පහරක්

271

 වවුනියාවේ ශාන්තසෝලේ ප‍්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට පහර දුන් පුද්ගයෙකු වවුනියාව මහරම්බකුලම් පොලිසිය විසින් 10 දා අත්අඩංගුවට ගෙන තිබේ.
 
 මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සිය රාජකාරී ප‍්‍රදේශයේ ගමන් කරමින් සිටියදී මුව ආවරණ නොමැතිව යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයකුට අවවාද කොට මුව ආවරණයක් පළඳින ලෙස උපදෙස් දුන් අවස්ථාවේදී එම තරුණයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සමග බහින් බස් වී පසුව පොල්ලකින් පහර දී තිබේ. වවුනියාව පොලිසිය හා මහරම්බකුලම් පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වා ගෙන යයි.

advertistmentadvertistment
advertistmentadvertistment