උප්පුමාවේලී වැලි නිධිය රැකගන්න දිගටම මෙහෙයුම්

246

 මුලතිව් උප්පුමාවේලී ප‍්‍රදේශයේ ස්වභාවික වැලි නිධියේ අනවසරයෙන් වැලි කපන පුද්ගලයන් සොයා 9 දා ගුවන් හමුදාව හා පොලිසිය ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන විශේෂ මෙහෙයුමක් දියත් කොට තිබේ.
 
 අක්කර 2000 කින් පමණ සමන්විත මෙම ස්වභාවික වැලි නිධියේ කොටසක් පූජකවරයකු විසින් බලහත්කාරයෙන් අල්ලා ගෙන වැලි කියුබ් ලක්ෂ දෙකක පමණ ප‍්‍රමාණයක් මේ වන විට ගෙන ගොස් තිබේ.
 
 ගුවන් හමුදාව හා පොලිසිය මෙහෙයුම සිදු කරන අවස්ථාවේදී එම සැකකරු හෝ වෙනත් අයකු ස්වභාවික වැලි නිධිය පිහිටි ප‍්‍රදේශයට ඇතුලූ වී නොමැති අතර මේ වන විට එම ප‍්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.
 
 ගුවන් හමුදාව හා පොලීසිය ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන වරින් වර තවදුරටත් මෙම කලාපය තුළ මෙහෙයුම් සිදු කරගෙන යයි.

advertistmentadvertistment
advertistmentadvertistment