ට්විටර් නිල ලාංඡනය වෙනස් වෙයි

115

නිල් පක්ෂියා ඉවත් කරමින් ට්විටර් නිල ලාංඡනය වෙනස් කර ඇති අතර එය ඊලොන් මස්ක් විසින් එළිදක්වා තිබේ.

නිල් පැහැති පක්ෂියාගේ අනුරුව සහිත ලාංඡනය වෙනුවට කළු පැහැති පසුබිමක සුදු පැහැති X අක්ෂරය ලාංඡනය ලෙස යොදා ගනිමින් ට්විටර් ප්‍රධානියා එය පළ කර තිබේ.

ට්විටර්හි පක්ෂියා ලැරී ලෙස හඳුන්වනු ලබන අතර එම සමාගමේ සම නිර්මාතෘ බිස් ස්ටෝන් 2011 වසරේදී පැවසුවේ, පැසිපන්දු තරුවක් සහ බොස්ටන් සෙල්ටික්ස් පැසිපන්දු කණ්ඩායමේ විශිෂ්ට ක්‍රීඩකයෙකු වන ලැරී බර්ඩ්ට උපහාරයක් ලෙස එය යොදා ගත් බවය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment