නාවලපිටියේ දැරිය කෙළෙසූ 10 දෙනාම අල්ලයි… කැත වැඬේට ආධාර අනුබල දුන් මව හා නැන්දාත් රිමාන්ඞ්

484

නාවලපිටිය හරංගල ඉලූක්තැන්න ප‍්‍රදේශයේ වයස අවුරුදු 13 ක බාලවයස්කාර දැරියක වසර 7 ක් පුරා අපයෝජනය කිරීමට සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයන් දසදෙනාම ඊයේ (27 දා* වනවිට අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ඒ පිළිබඳව විමර්ශනය පැවැත්වූ නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මහතා පැවැසීය.

මෙම සැකකරුවන් දසදෙනා සමඟ සිද්ධියට ආධාර අනුබල දුන් දැරියගේ මව හා නැන්දණිය සමග දොළොස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ අවසන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නොහැකිව තිබියදී පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඔවුන්ගෙන් දෙදෙනකු සමග දැරියගේ මවද පසුගිය 25 දා අත්අඩංගුවට ගත් අතර නාවලපිටිය මහෙස්ත‍්‍රාත් නිලන්ත විමලසේන මහතා විසින් ඔවුන් අගෝස්තු මස 2 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.

අවසන් සැකකරු මාවතුර, නයාපාන ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහුද අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

මෙම සැකකරු ඊයේ නවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ඉන්පසු

හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.

මෙම දැරිය වයස අවුරුදු 6 සිට අසල නිවාසවල පදිංචිකරුවන්ගෙන් පාසල් සිසුන්ගෙන්, පියා ඇතුළු ඥාතීන්ගෙන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් අතවරයට ලක්ව ඇතැයි හෙළිවී ඇති අතර මොවුන් අවුරුදු 18 සිට 43 දක්වා වයසේ පුද්ගලයන් බව පොලිසිය පැවසීය.

අවසන් වරට 32 හැවිරිදි විවාහක එක්දරු පියෙකු විසින් මෙම දැරිය රැුගෙන ගොස් ගල්ගුහාවක දින කීපයක් තබා ගැනීමත් සමග සිද්ධිය නාවලපිටිය පොලිසිය වෙත වාර්තා වී ඇති අතර පොලිසිය මගින් දැරිය නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී මෙම දැරිය විශාල පිරිසක් අතින් දීර්ඝ කාලයක් තිස්සේ අපයෝජනයට ලක්ව ඇති බව අධිකරණ වෛi නිලධාරි ජේ. එම්. මහසෙන් මහතා විසින් හෙළි කිරීම නිසා මෙම සැකකරුවන් සොයා ගැනීමට හැකිවී තිබුණි.

මේ පිළිබඳව විමර්ශනයේදී මෙම ගම්මානය ඇතුළු ප‍්‍රදේශ රැුසක බාලවයස්කාර දැරියන් දැඩි අනාරක්‍ෂිත තත්ත්වයකට පත්ව ඇති බව අනාවරණය වීම නිසා නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා, අධිකරණ වෛiවරයා, ළමා හා කාන්තා අංශ ස්ථානාධිපතිනිය, ප‍්‍රදේශයේ විහාරාධිපති හිමිවරු ඇතුළු පිරිසකින් සමන්විත කමිටුවක් පත්කර දරුවන් ආරක්‍ෂා කිරීමේ වැඩපිළිවෙළක් සැකසීමටද නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර තිබේ.

අපයෝජනයට පත් දැරිය පසුගිය 7 දා රෝහල් ගත කළ අතර එදින සිට දින 20 ක් තුළදී සියලූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබුණි.

ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශි‍්‍රයන්ත පීරිස්, සහකාර පොලිස් අධිකාරි ඕ. පී. අමරබන්දු යන නිලධාරීන්ගේ උපදෙස් මත නාවලපිටිය පොලිස් ස්ථානාධිපති හරේන්ද්‍ර

කළුගම්පිටිය, ළමා හා කාන්තා අංශ ස්ථානාධිපති කා.පො.ප. ලක්‍ෂානි නිවන්තිකා ඇතුළු නිලධාරි කණ්ඩායමක් පරීක්‍ෂණ පැවැත්වූහ. ගම්පොල කොට්ඨාස ස්ථානීය පරීක්‍ෂණ භාර (සොකො* ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. චම්පික විමලරත්න මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් දැරිය රැුගෙන ගිය ස්ථාන 10 ක් සොයාගෙන සාක්‍ෂි  ගොනුකර තිබුණි.
 

ගම්පොල – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment