ඩුබායි බැංකුවේ රාජපක්ෂලාගේ මුදල් ගැන සාක්කි නෑ – ජනපති අනුර කුමාරට කියයි

452

රාජපක්ෂවරුන් ඩුබායි රාජ්‍යයේ තැන්පත් කළ බව කියන ඩොලර් බිලියනයක මුදලක් තිබේදැයි සෙවීමට කණ්ඩායමක් එම රටට පිටත් කළ ද ඒ පිළිබඳ සාක්ෂි නැතැයි එම කණ්ඩායම තමන්ට පැවසූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22 දා) පැවසීය.

ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා අයවැය විවාදයේ අදහස් දක්වමින් අසා සිටි ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා ඒ බව කීය.

ඩුබායි රාජ්‍යයේ බැංකුවක ඩොලර් බිලියන 01 ක මුදලක් තැන්පත් කර ඇති බව කියන පුවත සත්‍යදැයි සෙවීමට ජේ. සී. වැලිඅමුණ, දිල්රුක්ෂි ඩයස් සහ රවී විද්‍යාලංකාර යන මහත්ම මහත්මීන් එරටට යැවූ බවත් එහිදී හෙළි වූයේ කුමක්ද යන්නත් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේය.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු දෙමින් මෙසේ කියා සිටියේය.

අපේ යහපාලන ආණ්ඩුව සමයේ ජනාධිපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන්, කණ්ඩායමක් ඩුබායිවලට ගිහින් ඒ ගැන හොයා බලා ආපසු ලංකාවට ආවා. ඒ අය කිව්වේ ඒ ගැන සාක්ෂි නෑ කියලා. ඉතින් ඊට වඩා මට දෙයක් කරන්න නෑ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment