වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කරයි

229

රජයේ සේවකයන් වයස අවුරුදු 60 න් විශ්‍රාම ගැන්වීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගනු ලැබුව ද සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ වෛද්‍යවරුන් සඳහා එහි වෙනසක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රාජ්‍ය සේවකයන් වයස අවුරුදු හැටෙන් විශ්‍රාම ගැන්වීමේ තීරණය හමුවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට එල්ල වන බලපෑම පිළිබඳ ඉදිරිපත් වූ සියලු දත්ත විශ්ලේෂණය කිරීමෙන් හා වාර්ෂික ස්ථාන මාරු කිරීම්වලදී ඇතිවිය හැකි අතිරේක ගැටලු පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹි බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ අනුව දැනට වයස අවුරුදු 63 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් එළැඹෙන දෙසැම්බර් 31 වැනිදා විශ්‍රාම ගැන්වෙනු ඇත.

වයස අවුරුදු 62 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් වයස අවුරුදු 63 දී විශ්‍රාම ගැන්වෙන අතර මේ වන විට වයස අවුරුදු 61 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් වයස අවුරුදු 62 දී විශ්‍රාම ගැන්වේ.

දැනට වයස අවුරුදු 60 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් 61 දී විශ්‍රාම ගැන්වීමටත් වයස අවුරුදු 59 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් සාමාන්‍ය රජයේ සේවකයන් පරිදි වයස අවුරුදු හැටේදී විශ්‍රාම ගැන්වේ.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment