රාජාංගනේ හිමිට ඇප රට යන්න බෑ

143

ජාතික හා ආගමික සංහිඳියාවට අගතියක් වන පරිදි ප්‍රකාශ සිදු කළේ යැයි චෝදනා එල්ල වී තිබූ රාජාංගනේ සද්ධාතිස්ස හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (12 දා) නියෝග කළේය.

සැකකාර භික්ෂුන් වහන්සේට එරෙහිව නඟා ඇති චෝදනා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතට නොගැනෙන බව කියන මින් මහෙස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය නිකුත් කළේය. කෙසේ නමුත් එකී වැරදි පරිගණක ආඥා පනත යටතේ හා ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන බව තම අධිකරණය නිරීක්ෂණය කළ බවද පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා ඇප ලබා ගැනීමෙන් පසුව යළිත් එවැනි වැරදි සිදු නොකරන ලෙසට ද සැකකාර හිමියන්ට අවවාද කළේය. විදේශගත වීම වළක්වමින් නියෝගයක් ද මහෙස්ත්‍රාත්වරයා නිකුත් කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment