අන්තර් ජාතික සංඝ සමුළුව බුද්ධගයාවේ දී

61

සියවසේ දැවැන්ත ම අන්තර් ජාතික බෞද්ධ සමුළුව වන “ISFB – 2023” (International Sangha Forum Bodhagaya – 2023) ජාත්‍යන්තර බෞද්ධ සංවිධාන සියයකට අධික සංඛ්‍යාවක එකතුවෙන් හා සහභාගීත්වයෙන් ලබන 20, 21, 22 හා 23 යන දිනයන් හි සිද්ධාර්ථ ගෞතමයන් ශ්‍රී සම්බුද්ධත්වයට පත් වූ ඉන්දියාවේ බිහාර් හී බුද්ධගයාවේ දී පැවැත්වේ. ශුද්ධෝත්තම 14වැනි දළයි ලාමා වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, බුරුමය, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය, ලාඕස්, භූතානය,නේපාලය,ජපානය, රුසියාව,කොරියාව, මොංගෝලියාව ආදී රටවලින් බෞද්ධ භික්ෂූන් වහන්සේ දෙදහසකට අධික සංඛ්‍යාවක් වැඩම කිරීමට නියමිතය.

මෙම සංඝ සමුළුව පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වන්නේ, ‘ලොව පුරා විසිරී පවතින විවිධ බෞද්ධ සම්ප්‍රදායන් අතර අන්‍යන්‍ය අවබෝධය ඇති කොට එම අවබෝධය තුළින් ඒ සම්ප්‍රදායන් අතර ඇති දුරස්ථ බව අවම කිරීමයි.‘ මෙලෙස සම්ප්‍රදායන් අතර දුරස්ථ බව අවම වීමෙන් අනාගතයේ දී ‘එක්සත් බෞද්ධ ලෝකයක්‘ නිර්මාණය වනු ඇත. එම අරමුණ ඉෂ්ට කරගැනීමෙහිලා මෙම සමුළුවේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන තේමාවන් හි පදනම වන්නේ ද ‘විවිධ බෞද්ධ සම්ප්‍රදායන් හි පවතින සමානාත්මතාවයන් හා වත්මන් ලෝකයට බුද්ධ දර්ශනය ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරයයි.‘

සමුළුවට සමගාමීව අන්තර් ජාතිකව පවත්වන දෙවැනි අන්තර් භික්ෂු හුවමාරු වැඩසටහන ද මෙහි දී සිදු කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment