HNB සමූහය පළමු මාස 9 සඳහා රු.බි.18.8ක බදු පසු ලාභයක් වාර්තා කරයි

48
ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සභාපති ්‍ HNB (ව) / ජොනතන් අලස් කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී (ද)

හැටන් නැෂනල් බැංකුව 2023 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස නවය සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 26.3 ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 16.6 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මේ අතර අදාළ කාල සීමාව සඳහා HNB සමූහය පිළිවෙලින් රුපියල් බිලියන 29.0 ක බදු පෙර ලාභයක් සහ රුපියල් බිලියන 18.8ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත.

පළමු මාස 9 සඳහා ලබා ගත් මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් නිහාල් ජයවර්ධන මහතා පැවසුවේ ‘විවිධ සාර්ව ආර්ථික ක්‍රියාමාර්ග තුළින් ශ්‍රී ලංකාව මෙම වසරේදී සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙන අතර නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. අභියෝග මධ්‍යයේ වුවද රටේ අනාගතය දෙස අප සුබවාදීව බලා සිටින අතර මෙරට ප්‍රමුඛතම බැංකුවක් ලෙස අපගේ තැන්පතු ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.5 ක් ඉක්මවා ඇති බව ප්‍රකාශ කිරීමට ලැබීම අපට ඉමහත් සතුටක්. 2021 ජුනි මාසයේ සිට තැන්පතුවල රුපියල් බිලියන 500ක වර්ධනයක් අත්කරගෙන තිබීම මෙහිදී විශේෂයෙන් සඳහන් කිරීමට කැමතියි. ඒවගේම මෙවැනි ආර්ථික වශයෙන් දැඩි අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් මධ්‍යයේ වුවද අපගේ වටිනා පාරිභෝගිකභවතුන් අප කෙරෙහි තැබූ අචල විශ්වාසය වෙනුවෙන් ඔවුන්ට කෘතඥ වනවා.’ යනුවෙනි.

තුන්වන කාර්තුවේදී පොලී අනුපාත තියුණු ලෙස පහත වැටීම හේතුවෙන් බැංකුවේ පොලී ආදායම පසුගිය වසරට සාපේක්ෂව පළමු මාස නවය තුළ 63.5%කින් වර්ධනය වී රුපියල් බිලියන 220.7ක් විය. පොලී වියදම පසුගිය වසරට සාපේක්ෂව 115% කින් ඉහළ ගිය අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශුද්ධ පොලී ආදායම පසුගිය වසරට සාපේක්ෂව 17.1% ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 83.2 දක්වා වර්ධනය විය. බැංකුවේ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම

පසුගිය වසරට සාපේක්ෂව 6.3%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 11.7 ක් වූ අතර එයට ප්‍රධාන වශයෙන් කාඩ්පත් සහ ඩිජිටල් ගනුදෙනුවල වර්ධනය හේතු විය. මෙම කාල සීමාව තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 12% කින් පමණ අධිප්‍රමාණය වීම හේතුවෙන් මෙම මාස නවය සඳහා බැංකුවට රුපියල් බිලියන 2.5 ක විනිමය අලාභයක් සිදු විය.
HNB 4.9% ක net stage 3 අනුපාතයක් සහ 50.7% ක stage III ප්‍රතිපාදන ආවරණයක් සමඟින් කර්මාන්තය හා සසඳන විට වත්කම්වල ඉහළ ගුණාත්මකභාවය අඛණ්ඩව පවත්වා ගැනීමට සමත්ව ඇත. 2023 මුල් මාස නවය තුළදී බැංකුව විසින් රුපියල් බිලියන 32.4 ක සමස්ත හානි පූරණ ගාස්තුවක් වෙන් කර ඇත. මෙම හානි පූරණ ගාස්තුවට ණය සහ අත්තිකාරම් මෙන්ම බැංකුව සතු විදේශ විනිමයවලින් ආයෝජනය කර ඇති රජයේ සුරැකුම්පත් ඇතුළත් විය.

මූලික වශයෙන් උද්ධමන පීඩනය හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව මෙහෙයුම් වියදම් 16.1%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 26.5 ක්ව තිබියදීත් මාස නවය සඳහා HNB හි ආදායමට පිරිවැය අනුපාතය 28.5%ක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment