පරණ ක්‍රීඩකයන්ගේ සහායෙන් නව පිබිදීමක් එයි – ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන

643

සනත් ජයසූරිය ඇතුළු අපේ හිටපු ක්‍රීඩකයන් එකතු වෙලා රටේ ක්‍රිකට් ගොඩනැගීම සඳහා කටයුතු කරමින් සිටින බවත් ඉන් අලුත් පිපිදීමක් එයි කියලා බලාපොරොත්තු වන බවත් ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන මහතා සඳහන් කළේය.

ඒ අනුව සැලැස්මක් සමග ඉදිරියට ගියොත් වැඩිකල් යන්න කලින් අපිට ඉස්සරහට එන්න හැකියාව ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට නම් අවම වශයෙන් වසර 10ක වත් සැලැස්මකට අනුව කටයුතු කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

අයගම දී පෙරේදා පැවති වැඩසටහනකදී එසේ අදහස් දැක්වූ ධර්මසේන මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද කීය.

“මම පෞද්ගලිකව හිතනවා ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ අවුරුදු 10ක. අපි කණ්ඩායමේ නායකයෙක් හදනවා නම් ඒ නායකයා අවුරුදු 5කට වත් නායකත්වය දරා ගැනීමට හැකි නායකත්වයට සුදුසු පුද්ගලයෙක් හැටියට තමයි අපි හොයාගන්න ඕනේ. අපි ඊළඟ 2027 එකට හොඳ නායකයා හොයා ගන්න ඕනේ. මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි ක්‍රිකට් කියන දේ කවදාවත් වැළලෙන්නේ නෑ. ඒ ක්‍රීඩාව හැමදාම තියෙයි. මේ දවස්වල පොඩි පසුබෑමක් තියෙනවා. මම හිතනවා ඒ පසුබෑම අනාගතයේ දී හරි යයි කියලා. අපේ පරණ ක්‍රීඩකයෝ සනත් ජයසූරිය එහෙම එකතුවෙලා තියෙනවා. එකෙන් අලුත් පිපිදීමක් එයි කියලා බලාපොරොත්තු වෙනවා. සැලැස්මක් එක්ක ගියොත් වැඩිකල් යන්න කලින් අපිට ඉස්සරහට එන්න පුළුවන්.”

advertistmentadvertistment
advertistmentadvertistment