මෛතී‍්‍ර ගහන ගැහිල්ල සහරාන්ගේ වගේද දන්නේ නෑ: රොෂාන් රණසිංහ මැතිසබයේදී කියයි

226

කාබනික වගාව අල්ලාගෙන දේශපාලනය ශී‍්‍රලනිපයේ එක්කෙනකු, දෙන්නකු ආණ්ඩුවෙන් ඉවත්ව ගියාට කිසිදු ගැටලූවක් නැතැයි රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26 දා) කීය.

ඊට පෙර දින හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව කී අතර එහිදී මෙසේ කියා සිටියේය.

ඊයේ දිනයේ හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කරපු කතාව ගැන කියන්න ඕනෑ. ඒක රට ම දැක්කේ නරක විදිහට. එහිදී ‘‘රොෂාන් රණසිංහ ඇමැතිතුමාගේ කේළම් අහලා තමයි කිව්වේ’’ කියලා එතුමා කිව්වේ. මම කේළම් කියන අයෙක් නොවෙයි, ඒ පුරුද්ද එතුමාට ඇති.

කාබනික වගාව තීන්දුව ජනාධිපතිතුමා ගත්තේ කැබිනට්ටුවේදී. මේ ශී‍්‍රලනිපයේ නිමල් සිරිපාල, මහින්ද අමරවීර වැනි ඇමැතිවරුන්ගේ එකඟතාවය මත. ඒක සාමූහික තීන්දුවක්. මම කේළමක් විදිහට නොකිව්වත්, මම කියන දේ ප‍්‍රසිද්ධියේ කියනවා. එතුමා පක්ෂය ප‍්‍රතිසංවිධානය කළේ මේ වී ප‍්‍රශ්නය අල්ලගෙන කාබනික වගාව අල්ලගෙන ඒකේ දෙකක් නෑ. එතුමලාගේ දේශපාලනය පොලොන්නරුවේ වැටිලා හිටියේ. ඒ නිසා මේ කාබනකි ප‍්‍රශ්නයක්. පරාක‍්‍රම සමුද්‍රයයි අල්ල ගත්තා ඒ අයගේ දේශපාලනයට, ජනාධිපති හොඳ තීන්දුවක් ගත්තේ අපි ඒ වෙනුවෙන් පෙනී හිටියා. ගොවියනුත් කැමැති වුණා සියයට 50 ක් කරන්න.

එතුමා කිව්වා ගහන ගැහිලි ගැන. සහරාන් ගහපු ගැහිල්ලක් ඒ වගේ වෙන්න ඇති. අපට ශී‍්‍රලනිපය සමග ගැටලූවක් නෑ. ඒ අය අප සමග සිටිනවා. එක් කෙනෙක්, දෙනෙක් ගියා කියලා අපට ගැටලූවක් නෑ.

ලසන්ත අලගියවන්න මහතා – මේ පිළිබඳව ඊයේ අදහස් ඉදිරිපත් වුණා. ඊයේ තවත් මේ ගැන කතා කළ යුතුද කියන ප‍්‍රශ්නය තිබෙනවා. ඊයේ සභානායකතුමාගේ අදහස වුණේ යම් කරුණක් කියනවා නම් ඒ අදාළ මන්තී‍්‍රවරයාත් සභාවේ සිටිය යුතුයි කියලයි. ඒ නිසා මෛතී‍්‍රපාල සිරිසේන මහතාත් දැනුවත් කරලා මේ ප‍්‍රකාශය කළා නම් හරි.

රොෂාන් රණසිංහ මහතා – ඔව්. මම පාර්ලිමේන්තුවේ නැති වෙලාවක මගේ නම කියලා කතා කරන්න ඔහුට තිබෙන සදාචාය කුමක්ද?

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment