කඩල මුවාවෙන් ගෙන්වූ කෝටි 3 ක උඳු රේගු දැලේ

102

කඩල ගෙන්වන මුවාවෙන් ගෙන්වූ, ආනයන, අපනයන පාලක විසින් ආනයනය කිරීම තහනම් කර තිබූ රුපියල් ලක්‍ෂ 310 ක් පමණ වටිනා උඳු තොගයක් රේගුව මගින් ඊයේ (4 දා) අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ 10 පිහිටි පෞද්ගලික සමාගමක් විසින් ඉන්දියාවේ සිට ආනයනය කළ අඩි 20 ක් දිග බහාලුමක තිබී මෙම උඳු තොගය හමුවී ඇත. ආනයනකරු විසින් ගෝනි 833 ක කඩල කිලෝ 25,000 ක් අඩංගු බවට දැනුම්දී ඒ වෙනුවෙන් රුපියල් 125,000 ක බදු මුදලක් ද ගෙවා ඇත.

එහෙත් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්‍ෂණ බළකායේ නිලධාරීන්ට සැකයක් මතුවී බහාලුම රඳවාගෙන පරීක්‍ෂා කිරීමේදී දොර අසල කිලෝ ග්‍රෑම් 30 බැගින් වූ කඩල ගෝනි 228 ක් ගොඩගසා තිබී ඇත. එහි බර කිලෝ ග්‍රෑම් 6840 කි.

මෙම කඩල ගෝනි ඉවත් කිරීමේදී ඊට සමාන ගෝනි 574 ක කිලෝ ග්‍රෑම් 30 බැගින් කිලෝ 17220 ක් උඳු තිබී හමුවී ඇත. එම ගෝනිවල ‘Chick Pass’ ලෙස සටහන් කර තිබෙන ආකාරය ද රේගු නිලධාරීන්ගේ අවධානයට යොමුවී ඇත.

මෙම උඳුවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 31 ක් පමණ වන අතර මෙය පිටතට රැගෙන ගියේ නම් රජයට අහිමිවන බදු ආදායම රුපියල් ලක්‍ෂ 52 ක් පමණ වන බවට ගණන් බලා ඇත.
චමින්ද සිල්වා ඡායාරූපය – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment