පියා මිටියකින් පහරදී පුතා ඝාතනය කරලා

78

කුරුණෑගල කුඹුක්ගැටේ පොලිස් වසමේ නෙල්ලිය ගමේ පදිංචි පියකු තම තිස් හැවිරිදි පුත්‍රයාට මිටියකින් පහරදී ඝාතනය කර ඇතැයි කුඹුක්ගැටේ පොලිසිය කියයි.

මියගිය පුත්‍රයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ඇති අතර පසුව ඔහු අධික ලෙස මත්පැන් පානය කිරීමට පුරුදුව සිටි බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත. මියගිය පුද්ගලයා එක්දරු පියකු වන අතර සැකකාර පියා හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූ අයෙකි. පියා හා පුතා අතර බහින්බස්වීමකින් අනතුරුව පුත්‍රයා ඝාතනයට ලක්වී තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment