මූල්‍ය ආයතන 3කට ලක්‍ෂ 140ක් දඩ

95

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතට අනුකූල නොවන ලෙස ක්‍රියාකළ මූල්‍ය ආයතන තුනකට රු. ලක්‍ෂ 140ක දඩ මුදල් පනවා ඇත.

එසේ එකතු කර ගන්නා ලද රු. ලක්‍ෂ 140ක සමස්ත දඩ මුදල රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කළ බව මූල්‍ය බුද්ධි ඒකකය පවසයි.

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඬපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය කටයුතු කරන අතර 2023 සැප්තැම්බර් 27 වැනි දින සිට 2023 දෙසැම්බර් 31 දින දක්වා කාලය තුළ මේ දඩ මුදල් පැනවූ බවද මූල්‍ය බුද්ධි ඒකකය තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment