කොළඹට විශේෂ දුම්රිය හා බස් රථ සේවා 18 දා දක්වා

57

ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය හා බස් රථ සේවා අප්‍රේල් 18 වැනිදා දක්වා ක්‍රියාත්මක බව එම බලධාරීහු ‘දිවයින’ට ඊයේ (16 දා) පැවසූහ.

ගාල්ල, අනුරාධපුරය, බෙලිඅත්ත, බදුල්ල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියන් අප්‍රේල් 18 වැනිදා දක්වා ක්‍රියාත්මක බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ( ගමනාගමන) එන්. ජේ. ඉඳිපොළගේ මහතා ‘දිවයින’ ට පැවසීය.

මීට අමතරව දුම්රිය සාමාන්‍ය සේවාවන් ද සුපුරුදු පරිදි ක්‍රියාත්මක බවත්, විශේෂයෙන් දුම්රියේ ගමන් කිරීමේදී තම ගමන් මලු, මුදල් පසුම්බි ගැන සැලකිලිමත්වීම ඉතා වැදගත් බවත් හෙතෙම කීය.

එසේම ගම්බිම් බලා ගිය මගී ජනතාවට කොළඹට පැමිණීම සඳහා අමතර ශ්‍රී ලංගම බස් රථ 300 ක් පමණ යොදවා ඇති බවත්, විශේෂ අවුරුදු බස් රථ සේවාව අප්‍රේල් 18 දක්වා ක්‍රියාත්මක බවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා ‘දිවයින’ ට කීය.

එමෙන්ම, අද (17 දා) දිනයේ පෞද්ගලික බස් රථ දසදහසක ප්‍රමාණයක් මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් යොදවන බව ද ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ ට පැවසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment