ජනාධිපති මන්දිරයෙන් හමු වූ මුදල් ගැන ගෝඨාගෙන් පැය තුනක් ප්‍රශ්න කරයි

220

ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදල සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඊයේ (06දා) පැය තුනක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.

අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ පෙරවරුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචි නිවස වෙත ගොස් එහිදී පැය තුනකට ආසන්න කාලයක් රාජපක්ෂ මහතාගෙන් මෙම මුදල් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

අරගලකරුවන් විසින් සොයාගත් මෙම මුදල කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත භාරදී තිබිණි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment