ඡන්ද සටනට සජබ රැස්වෙයි

64

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම ජාතික මැතිවරණයකට ශක්තිමත්ව මුහුණදීමට පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පෙරේදා (19දා) පස්වරුවේ රැස්වූ අතර ඊට එහි සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද මුඛය වැසෙන පරිදි මාස්ක් එකක් පැළඳ සහභාගී වී ඇත. එහිදී ෆොන්සේකා මහතා කිසිවක් කතා නොකොට සිදුවන දේ බලා සිටි බව දැනගන්නට ඇත.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සම්බන්ධයෙන් සජබ මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා මෙසේ කීය.

මේ වසරේ නියමිත වෙලා තියෙන්නේ ජනාධිපතිවරණය. කෘත්‍යාධිකාරී මණ්ඩලය අපි සාකච්ඡා කළා එන ඕනෙම මැතිවරණයකට මුහුණ දෙන ආකාරය ගැන. අපි ඊළඟ ආණ්ඩුව ගන්න ජයග්‍රහණය කරා ගෙනියනවා. ඒ සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සෑම දෙනාම එකඟ වුණා. තියෙන ඕනෑම මැතිවරණයකට ඉතාම ශක්තිමත්ව මුහුණදෙනවා. මේ වෙනකොටත් විපක්ෂයක් හැටියට සමගි ජන බලවේගය ඡන්ද පදනම ගත්තාහම ඉහළින්ම තියෙන පක්ෂය බවට සමීක්ෂණවලින් පැහැදිලි වෙලා තියෙනවා.

කිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment