අයවැයෙන් රජයේ සේවක වැටුප් වැඩිවීමක්

987

එළැඹෙන අයවැය යෝජනාවලිය මගින් සියලු රජයේ සේවකයින්හට වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද (30) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් එම අදහස් පළකළ බවය.අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමට සාපේක්ෂව පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීමට ඉල්ලීමක් කරන බවද ජනධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment