අඳුරු මතකයට වසර 17 යි – සුනාමි සැමරුම් රාජ්‍ය උත්සවය සර්ව ආගමික නියෝජිතයන්ගේ ප‍්‍රධානත්වයෙන් පැරැලියේදී

185

සුනාමි ඛේදවාචකයේ 17 වැනි සැමරුම් රාජ්‍ය උත්සවය සර්ව ආගමික නායකයන්ගේ ප‍්‍රධානත්වයෙන් මියගිය අයගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැරැලිය පිහිටි සුනාමි ස්මාරකය ඉදිරිපිටදී පැවැත්විණ.

අඳුරු මතකයට වසර 17 යි - සුනාමි සැමරුම් රාජ්‍ය උත්සවය සර්ව ආගමික නියෝජිතයන්ගේ ප‍්‍රධානත්වයෙන් පැරැලියේදී

පැ?ලිය ප‍්‍රදේශයේදී සිදුවූ ලොව දරුණුතම දුම්රිය අනතුර සිහි කරමින් කොළඹ සිට පැරැලිය දක්වා විශේෂ දුම්රියකින් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද පැමිණ සුනාමි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූහ.

මෙම අවස්ථාවට සර්ව ආගමික පූජකවරුන් හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණල දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේල ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන සම්පත් අතුකෝරළල ශාන් විජයලාල්ල ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ යන මහත්වරුදල ත‍්‍රිවිධ හමුදා නිලධාරීහුද සහභාගි වූහ.

අහංගම – සුගතපාල දීයගහගේ

කුරුඳුවත්ත සමූහ මිනීවළ  ඉදිරිපිටදීද පිං පැමිණවීමක්

අඳුරු මතකයට වසර 17 යි - සුනාමි සැමරුම් රාජ්‍ය උත්සවය සර්ව ආගමික නියෝජිතයන්ගේ ප‍්‍රධානත්වයෙන් පැරැලියේදී

සුනාමියෙන් මියගිය පුද්ගලයන් 450 කගේ පමණ සිරුරු මිහිදන් කර ඇති අක්මීමනල කුරුඳුවත්ත සමූහ මිනීවල ඉදිරිපිටදී මියගිය අය සිහිපත් කර පිං පැමිණ වීමක් සිදු කරන ලදීග කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය නිලධාරී යූග සීග පීග පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සැමරුම් උත්සවය පවත්වන ලදී.

අහංගම – සුගතපාල දීයගහගේල වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

උදෑසන 9.26 ට  ගාල්ල බස් නැවතුමේ  විනාඩි දෙකක නිශ්ශබ්දතාවක්

අඳුරු මතකයට වසර 17 යි - සුනාමි සැමරුම් රාජ්‍ය උත්සවය සර්ව ආගමික නියෝජිතයන්ගේ ප‍්‍රධානත්වයෙන් පැරැලියේදී

සුනාමි දින සැමරුම් උත්සව ඊයේ :26 දාෆ ගාල්ලේ ස්ථාන කිහිපයකදී පැවැත්විණග එහිදී ගාල්ල බස් නැවතුම්පොළ යට කරගෙන සුනාමි ජල පහර පැමිණි උදෑසන  9.26 ට ගාල්ල බස් නැවතුම්පොළ අසල සිට සියලූ දෙනා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වා මියගිය අය සිහිපත් කරනු ලැබීයග

මෙම අවස්ථාවේ සියලූම වාහන නතරකොට නිශ්ශබ්දතාව පැවැත්වූ අතර නගරයේ ත‍්‍රිරෝද රථ හිමියන්ල වෙළඳසල් හිමියන් පාරට බැස නිශ්ශබ්දතාව පවත්වා සුනාමියෙන් මියගිය අය සිහිපත් කරනු ලැබීයග ගාල්ල මූලස්ථාන පොගපග කපිල සේනාපතිද සිල්වා මහතා විසින් මෙය සංවිධානය කර තිබිණග

අහංගම – සුගතපාල දීයගහගේල වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment