ජනපති රනිල්ට බිල් ගේට්ස් ගෙන් පොරොන්දුවක්

1065

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බිල් ගේට්ස් මහතා අතර හමුවක් ඩුබායි හි එක්ස්පෝ සිටි හි පැවත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 28) අතරතුරදී අද සිදුව ඇත.ගෝලීය අභියෝග සහ නිවර්තන කලාපය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි නායකත්වය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම හමුවේ දී සාකච්ඡා සිදුකර ඇත.ඊට අදාළ දත්ත පද්ධතියක් පිහිටුවීම මෙන්ම දේශගුණික විශේෂඥතාව වෙනුවෙන් “Bill & Melinda Gates පදනම” හරහා සහාය ලබා දීමට එහිදී ගේට්ස් මහතා ජනපති වෙත පොරොන්දු වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment