බදු ගැන නිවේදනයක්

1145

මෙරටට ආනයනය කරන භාණ්ඩ කිහිපයක් සදහා දැනට පනවා ඇති විශේෂ වෙළද භාණ්ඩ බද්ද දෙසැම්බර් මස 01 වැනිදා සිට යළි දීර්ඝ කිරීම හැර අලුතින් බදු පැනවීමක් සිදුකර නැතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව යෝගට්, බටර්,චීස්,රට ඉඳි, දොඩම්,මිදි සහ ඇපල් හා විවිධ පලතුරු ඇතුළු භාණ්ඩ සහ බොම්බයි ළූණු සදහා පැවති සහනදායි බද්ද නොවැම්බර් මස 30 වැනිදා සිට අවසන් වීමට නියමිතව තිබූ අතර එය යළි දීර්ඝ කිරීම පමණක් සිදු කළ බවද මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම භාණ්ඩ සදහා අලුතින් බදු පැනවීමක් සිදුකර ඇතැයි කෙරෙන ප්‍රචාරය සත්‍යයෙන් තොර බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment