ශ‍්‍රී ලංකා ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් විපක්ෂ නායක හමුවක්

173

ශ‍්‍රී ලංකා ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් ඬේවිඞ් හොලි මහතා විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා හමුවිය.

 එහිදී ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබදව සාකච්ඡා පැවැති අතර බරපතළ ව්‍යසනයක් වී ඇති කොරෝනා උවදුර පිළිබඳව ද අවධානය යොමු කරනු ලැබීය.

 ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප‍්‍රගතිය උදෙසා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා ඔස්ටේ‍්‍රලියා මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළ අතර ඒ සදහා මහ කොමසාරිස්තුමාගේ විශේෂ අවධානය යොමු විය. එමෙන්ම, සමගි ජන බලවේගයේ ‘පක්ෂයෙන් හුස්මක්’ වැඩසටහන හරහා ක‍්‍රියාත්මක රෝහල් උපකරණ ලබාදීමේ වැඩසටහනට අවශ්‍ය සහයෝගය ද ලබා දෙන බවට මහකොමසාරිස්වරයා සහතික විය.

advertistmentadvertistment
advertistmentadvertistment