ජන හදවත් කැළඹිලි මැද කාලගුණයත් අකාරුණික වී…

281

නිවාස දෙකක් මතටපස් කන්දක් කඩා වැටී තිදරු පියෙක් ජීවිතක්ෂයට

ජන හදවත් කැළඹිලි මැද කාලගුණයත් අකාරුණික වී...

නෝටනබ්‍රිජ් පොලිස් වසමට අයත්, ටැප්ලෝ ජනපදයේ නිවාස දෙකක් මතට 01 දා ගල් හා පස් කන්දක් කඩා වැටීමෙන් එක් නිවසක පදිංචිව සිටි පුද්ගලයෙක් මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ටී. සංජීව විමලවීර නමැති (40) හැවිරිදි තිදරු පියෙකි. 01 ප.ව. 12.30 ට පමණ ඇද හැලුණ අධික වර්ෂාවත් සමග නිවාසවලට ඉහළින් පිහිටි පස් කන්දක් කඩා වැටීමෙන් මෙම අනතුරු සිදුව ඇති බව නෝටන්බ්‍රි‍ජ් පොලීසිය පවසයි. අනතුරින් නිවාස දෙකටම බරපතළ හානි සිදුව තිබේ. මියගිය අයගේ නැන්දනියගේ නිවස යාබද නිවස බවත් නැන්දනියද පස්වලට යටව සිටියදී අවට පදිංචිකරුවන් විසින් බේරාගෙන රෝහල්ගත කර ඇති බවත් ප්‍රදේශවාසීහූ පැවසූහ. මිය ගිය අයගේ බිරිඳ, දරුවන් අනතුරු වන අවස්ථාවේ නිවසින් බැහැරව සිට ඇත. මළ සිරුර නාවලපිටිය මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇති බවත්, පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) දා පැවැත්වීමට නියමිත බව නෝටන්බ්‍රිජ් පොලීසිය පවසයි.

සටහන හා ඡායාරූප – මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment