චීනයට හිස නොනැමීමට තායිවානය ප‍්‍රතිඥා දෙයි

516

තායිවානය ස්වාධීන රටක් වීම නිසා තවදුරටත් චීනයෙන් දිගින් දිගටම එල්ල වන බලපෑම් හමුවේ එරටට හිස නොනමන බව තායිවානයේ ජනාධිපතිනි සයි ඉංග් වෙන් එරට ජාතික දිනය වෙනුවෙන් පැවති උත්සවයට සහභාගි වෙමින් පවසා තිබේ.

‘‘අප වැඩි වැඩියෙන් සාර්ථකත්වය කරා ළඟා වන විට චීනයෙන් අප වෙත එල්ල වන බලපෑම් වැඩි වේ. තායිවානය ස්වාධීන රාජ්‍යයක් වීම නිසා කිසි විටක චීනයට හිස නැමීමට සූදානම් නැති බවත් අපටම ආවේණික වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජීවන රටාවක් පවත්වාගෙන ගෙන යා යුතු බව ‘ජනාධිපතිනි වෙන් මෙහිදී සඳහන් කර තිබේ. ඇය මෙම ප‍්‍රකාශය සිදුකර ඇත්තේ චීන ජනාධිපති සී. ජින් පින් විසින් චීනය තායිවානය හා නැවත දේශපාලනික වශයෙන් එකමුතු බවක් ඇති කරගන්නා බවට සිදු කර ඇති ප‍්‍රකාශයෙන් අනතුරුවය. තායිවානය ස්වාධීන රාජ්‍යයක් වුවද චීන රජය තවමත් එරට සළකනුයේ සිය රටින් වෙන්ව ගිය පළාතක් වශයෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment