ගෘහස්ථ හිංසනයෙන් සියදිවි නසා ගන්නා ඉන්දීය ගෘහණියන්ගේ සංඛ්‍යාව ඉහළට

287

ලොව පුරා වයස අවුරුදු 15 – 39 වයස් කාණ්ඩයට අයත් කාන්තාවන් අතර සිදු වන සිය දිවි නසාගැනීම්වලින් සියයට 36ක්ම සිදු වනුයේ ඉන්දියාවේ බව සියදිවි නසාගැනීම් පිළිබඳව සිදු කරන ලද නවතම අධ්‍යයනවලදී අනාවරණය වී තිබේ. මින් බහුතරය ගෘහණියන් බව ඉන්දීය බලධාරීහු පවසති.

ඉන්දියාවේ ඉකුත් වසරේදී (2020) ගෘහණියන් 22,372 දෙනකු සියදිවි නසාගෙන ඇති අතර සෑම විනාඩි 25කට වරක්ම එක් ගෘහනියක් බැගින් දිනකට 61 දෙනකු ඉන්දියාවේ විවිධ හේතුන් මත සිය දිවි නසාගන්නා බව හෙළි වී තිබේ. පවුලේ ප‍්‍රශ්න හා විවාහය සම්බන්ධ ගැටලූ හේතුවෙන් මෙසේ ඉන්දීය ගෘහනියන් වැඩි පිරිසක් සිය දිවි නසා ගන්නා බව බලධාරීන් විසින් පවසා ඇතත් මානසික රෝග විශේෂඥයන් පෙන්වා දෙනුයේ ගෘහනියන් වැඩි දෙනකු සිය දිවි නසාගැනීම්වලට පෙළඹී ඇත්තේ ගෘහස්ථ හිංසනය නිසා බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment