චීනයේ ප්‍රධානම තෙල් සැපයුම්කරු බවට  රුසියාව පත්වේ

418

ලොව රටවල් රැසක් රුසියාවට සම්බාධක පනවා ඇති පසුබිමක චීනය තම විශාලතම බොර තෙල් සැපයුම්කරු ලෙස රුසියාව පත්කර ගෙන ඇත.

 යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව ලොව රටවල් රැසක් රුසියාවට එරෙහිව සම්බාධක පනවා තිබේ.

 මෙම තත්ත්වය මත රුසියාව වට්ටම් සහිත මිලකට බොරතෙල් ලබාදෙන බැවින් චීනය රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීමට හේතු වී ඇත. එය 2021 වසරට වඩා රුසියාවෙන් තෙල් මිලදී ගැනීමේ ප්‍රතිශතය සියයට 55% කින් ඉහළ දමා තිබේ.

 චීනය පසුගිය මැයි මාසයේදී පමණක් රුසියාවෙන් බොර තෙල් බැරල් ටොන් මිලියන 8.42 ක් මිලදී ගෙන ඇත. සෞදි අරාබියෙන් චීනය මැයි මාසයේදී මිලදී ගෙන ඇත්තේ බොරතෙල් බැරල් ටොන් 7.82 කි.

 මීට පෙර චීනයේ විශාලතම තෙල් සැපයුම්කරු බවට පත්ව සිටියේ සෞදි අරාබියයි.

 සිය මිත්‍රත්වයට සීමා නොමැති බව චීනය හා රුසියාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment