චීන ජනපතිගේ තෙවැනි ධුර කාලය තහවුරු කරන සමුළුව ඇරඹේ

123

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේ දී ඊයේ (05දා) ආරම්භ විය.

මෙහිදී චීන ජනාධිපති ෂී ජින්පින්ගේ තුන්වන ධුර කාලය අනුමත කිරීමට ද නියමිත.

මෙම සමුළුව සති දෙකකට ආසන්න කාලයක් පැවැත්වේ.

පසුගිය වසරේ පැවති මෙම සමුළුවේදී චීන රාජ්‍ය ප්‍රතිපත්ති කිහිපයක් ප්‍රකාශයට පත් කළ අතර චීන කොංග්‍රස් පක්ෂයේ නායකයන් සඳහා සාම්ප්‍රදායිකව පැවති ජනාධිපති ධුර කාලය අවස්ථා දෙකක් පමණක් දැරීමේ කාලසීමාව එහිදී ඉවත් කෙරුණි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ෂී ජින්පින් මහතාගේ තුන්වන ධුර කාලය ද තහවුරු කෙරෙනු ඇති බවය. මේ අතර මෙම සමුළුවේදී නව අග්‍රාමාත්‍යවරයකු ද ඔවුන් විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙන්ම රජයේ නායකයෝ සහ 3,000කට ආසන්න නියෝජිතයෝ පිරිසක් උදෑසන ඇරඹුණු සැසිවාරයේ සමාරම්භක උළෙලට එක්ව සිටියහ.

මෙවර සැසිවාරය තුළදී, චීනයේ නව ජාතික ආයතන මණ්ඩලය තෝරා පත්කිරීම, රාජ්‍ය කාර්ය වාර්තාව පරීක්ෂා කිරීම හා 2023 වසරේ ආර්ථික, සමාජ හා සංවර්ධන ඉලක්ක මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නියම කිරීම සිදුකෙරේ.

දැනට නිකුත් කෙරුණු න්‍යාය පත්‍රයට අනුව, නීති සම්පාදනය පිළිබඳ නීති කෙටුම්පත සහ රාජ්‍ය මණ්ඩලයේ ආයතනික ප්‍රතිසංස්කරණ සැලැස්ම පරීක්ෂා කිරීමට ද නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment