ශ්‍රී ලංකාවේ ආර්ථිකය ධනාත්මක දිශාවට

149

රුපියල ශක්තිමත් වීමත්, පොලී අනුපාත පහත වැටීම සහ ආයතනික ඉපැයීම් ඉහළ යෑමත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ධනාත්මක පැත්තකට හැරවී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

ඉදිරියේදී ලැබීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන පැකේජය හේතුවෙන් ආර්ථිකය කෙරෙහි සාමාන්‍ය විශ්වාසය වැඩි කර ඇති බව ඔවුහු පවසති. මේ හේතුව නිසා කොළඹ කොටස් වෙළෙඳ පොළට ආයෝජකයන් ඇදී ඒම ආකර්ෂණීය බව කොටස් තැරැව්කරුවෝ පවසති.

“උද්ධමනය අඩුයි, එයින් අදහස් කරන්නේ මිල ඉහළ යන දේවල්වල වේගය අඩු වී ඇති බවයි. පොලී අනුපාත අඩුයි. මුදල් ඒකකය ශක්තිමත් වෙමින් පවතී. දැන් මාස හයකට පෙර තිබූ ආර්ථිකයට වඩා හොඳ තත්ත්වයක පවතිනවා” යනුවෙන් කොටස් තැරැව්කරුවෙකු සඳහන් කර ඇත.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment