අය වැය අද

164

ලබන වසරට මුළු වියදම බිලියන7833 ක්
විවාදය හෙට සිට 18 තෙක්

ලබන වසර (2024) සඳහා වන අය වැය යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ආර්ථික, ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස අද (13 දා) දහවල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එහිදී ලබන වසර සඳහා පුනරාවර්ථන වියදම් රුපියල් බිලියන 5354 ක් සහ මූලධන වියදම් ලෙස රුපියල් බිලියන 2473 ක් ලෙස මුළු වියදම් බිලියන 7833 ක් වශයෙන් ඇස්තමේන්තුගත කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන දෙවැනි අය වැය මෙය වේ.

අය වැය යෝජනාවලිය සම්බන්ධ විවාදය හෙට (14 දා) සිට 18 වැනිදා සෙනසුරාදා දක්වා පාර්ලිමේන්තුවේදී සිදුකෙරේ. අනතුරුව ඡන්ද විමසීමෙන් පසු අය වැය යෝජනාවලිය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වේ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment