සේවක හිඟයෙන් රස පරීක්‍ෂක වාර්තා 15,000ක් හිරවෙලා

82

රජයේ රස පරීක්‍ෂක කාර්යාලයේ පවතින නිලධාරී හිඟය හේතුවෙන් මාස හතරක් ඇතුළත රස පරීක්‍ෂක වාර්තා පහළොස්දහසක් (15,000 ක්) පමණ ගොඩගැසී තිබෙන බව එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට ඊයේ (12 දා) පැවසීය.

රජයේ රස පරීක්‍ෂක කාර්යාලයේ පළ පුරුදු නිලධාරීන් විශ්‍රාම යෑම සහ විදේශගත වීම නිසා නිලධාරීන් 25 දෙනකුගේ පමණ හිඟයක් ඇති බවද එම ප්‍රකාශකයා කීවේය.

මෙම තත්ත්වය මත විවිධ අපරාධ සම්බන්ධයෙන් රජයේ රස පරීක්‍ෂක වාර්තා කඩිනමින් සැපයීම අසීරුවී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

දැනට අධිකරණයේ විභාග වෙමින් තිබෙන අපරාධ නඩු අවසන් කිරීමද අසිරුවී ඇත්තේ රජයේ රස පරීක්‍ෂක වාර්තා ප්‍රමාදවීම හේතුවෙන් බව වාර්තාවේ.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment