උණුසුම් තත්ත්වය තවත් සතියක්

166

දිවයිනේ දිස්ත්‍රික් රැසකට බලපා ඇති උණුසුම් සහිත කාලගුණ තත්ත්වය තවත් සතියකට වැඩිකලක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

ලබන 20 වැනිදාත් 25 වැනිදාත් අතර නිරිත දිග මෝසම සක්‍රීය වෙනු ඇති බවට අනුමාන කරන එම දෙපාර්තමේන්තුව එතෙක් මෙම උණුසුම් සහිත කාලගුණයේ වෙනසක් බලාපොරොත්තු විය නොහැකි බව පවසයි.

මේ අතර ඊයේ (18දා) වාර්තා වූ වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 37.3 මුලතිව් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර කොළඹ නගරයේ ද බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 සීමාවට ආසන්න වී තිබුණි.

උතුර, උතුරු මැද, වයඹ හා නැගෙනහිර පළාත්වලටත් මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලටත් උණුසුම් දර්ශකය “අවදානම යොමුකළ යුතු” මට්ටමක පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment