පොහොට්ටුවයි එජාපයයි පොරකනවා: ජනාධිපතිවරණයට අපි සූදානම් – හර්ෂණ රාජකරුණා (සජබ)

108

ජනාධිපතිවරණය හෝ මහා මැතිවරණය හැකිනම් වහාම පවත්වන ලෙස ජනපතිවරයාට හා පොහොට්ටු ආණ්ඩුවට අභියෝග කරන බව සමගි ජන බලවේගයේ නියෝජ්‍ය භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

දැන් මේ රටේ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තියෙනවා ජනාධිපති මැතිවරණයක් අවශ්‍යයි කියලා. අපි අහනව මෙච්චර මහලොකු ප්‍රබල ජනාධිපතිවරයෙක් හිතාගෙන ඉන්නවනම් එච්චර බලයක් තියෙනවා කියලා ඒ මැතිවරණයට යමු. ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් එක්ක කතා කරලා නිවුස් ප්ලාන්ට් කරලා තමන්ට හිතවත් මාධ්‍ය ආයතන එක්ක කතා කරගෙන උත්සාහ කරනවා ජනාධිපතිවරණයක් තියෙන්න ඕන කියලා.

අපි සූදානම්. සමගි ජන බලවේගයේ අපි ඉතා පැහැදිලිව ජනාධිපති අපේක්ෂකයෙක් තෝරගෙන ඉන්නවා. අපේ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා. ආණ්ඩුවට ජනමතය බලමු රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයනම් ඕන ඒකට අපි සූදානම්.

advertistmentadvertistment
advertistmentadvertistment