හිතට වැටුණ මිසයිල නාට්‍ය උළෙල

158

හිතට වැටුණ මිසයිල කෙටි නාට්‍ය උළෙල සැප්තැම්බර් 18 වැනිදා සවස 3.00 සිට ලයනල් වෙන්ට්ඩ් රඟහලේදී වේදිකාගත වේ. සචිත්‍ර රාහුබද්ධ විසින් වේදිකාවට නිර්මාණය කරන ලද සම්මානනීය කෙටි නාට්‍යය තුනක් සහ ඔහුගේ නවතම කෙටි නාට්‍යය වන “ දෙමළා නම්” නාට්‍යය මෙලෙස වේදිකාගතවීමට නියමිතය. මෙම සම්මානනීය නාට්‍යය වන්නේ 2021 රාජ්‍යය කෙටි නාට්‍යය උළෙලේ හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන හතක් දිනා ගත් “රත්මල් යහන සැතපී” එම වසරේම රාජ්‍ය නාට්‍යය උළෙලේ අවසන් වටය නියෝජනය කළ “උත්පලවර්ණා” සහ 2019 යෞවන සම්මාන උළෙලේදී සම්මාන දහයක් හිමිකරගත් “කපනං” කෙටි නාට්‍යය ත්‍රිත්වයයි.

advertistmentadvertistment
advertistmentadvertistment