රට පුරා තැනින් තැන අද කඩින් කඩ වැසි

29

නුවරඑළිය, මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලට අද (28 වැනිදා) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ප්‍රබෝධනී කරුණාපාල මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.

නැඟෙනහිර සහ ඌව පළාත්වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බවද එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇය පැවසුවාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment