60 න් ඉහළ ලෝක කුසලාන තරගාවලිය 19 දා සිට

383

වයස අවුරුදු 60 න් ඉහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 19 වැනිදා ඉන්දියාවේ චෙන්නායි හිදී ආරම්භ වීමට නියමිතය.

ගැරී ගුණසේකර ශ්‍රී ලංකා වයස අවුරුදු 60 න් ඉහළ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර ලසන්ත පෙරේරා උප නායකයා ලෙස කටයුතු කරයි.

වයස අවුරුදු 60 ට වැඩි ලෝක කුසලාන තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ දෙවැනි වරට වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, බටහිර ඉන්දීය කොදෙව් සහ වේල්සය යන කණ්ඩායම් සමග මුල් අදියරේදී තරග වදිනු ඇත. නවසීලන්තය, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, එක්සත් ජනපදය, කැනඩාව, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ සෙසු රටවල් වේ. අවසන් මහා තරගය මාර්තු 2 වැනිදා පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment