බද්දේගම සජබ සංවිධායක ආනන්ද අබේවික්‍රම

3521

ගාල්ල දිස්ත්‍රික්කයේ, බද්දේගම මැතිවරණ කොට්ඨාශයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, අධිනීතිඥ ආනන්ද අබේවික්‍රම පත් කර ඇත.

ඔහු 2001-2004 කාලය තුළ බද්දේගම ආසනය නියෝජනය කරමින්, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන්ද, දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වශයෙන් ද කටයුතු කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන අතර ප්‍රසිද්ධ නොතාරිස්වරයකු සහ බී. ඒ. ගෞරව උපාධිධාරියකු ද වේ. බද්දේගම ආසනයේ හිටපු අමාත්‍යවරුන් වන හෙන්රි අබේවික්‍රම මහතාගේ කනිෂ්ඨ පුත්‍රයා වන අබේවික්‍රම මහතා හිටපු අමාත්‍ය සයිමන් අබේවික්‍රම මහතාගේ ඥාති පුත්‍රයකුද වේ. ජායාරූපයෙන් දැක්වෙන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අදාළ පත්වීමේ ලිපිය ආනන්ද අබේවික්‍රම මහතාට භාර දුන් අයුරුයි. ගයන්ත කරුණාතිලක මහතා සහ බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ද පසෙකින් සිටී.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment