DFCC බැංකුව Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකික ආයතනය බවට පත්වෙයි

73

දේශගුණ විපර්යාස අවම කිරීමේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය පහසුකම් සැපයීම සඳහා සුවිශේෂී අවස්ථාවක්

DFCC බැංකුව Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකික ආයතනය බවට පත්වීමට පසුගියදා සමත් විය. මෙමගින් DFCC බැංකුවට ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී ව්‍යාපෘතිවලට සහනදායී මූල්‍ය සේවාවන් සැපයීම සඳහා GCF වෙතින් ඇමරිකානු ඩොලර් 250 ක් දක්වා මූල්‍ය පහසුකමක් හිමි වේ. ඉතා දැඩි සමීක්ෂණ ක්‍රියාවලියකින් අනතුරුව මෙම සහතිකකරණය හිමිකරගැනීමට DFCC බැංකුව සමත් වූ අතර, ලොව දේශගුණ විපර්යාස අවම කරමින් තිරසාර අනාගතයක් නිර්මාණය කිරීමට කැප වී සිටින ජාත්‍යන්තර, කලාපයීය හා දේශීය සමාගම් හා ආයතන 118 ක් මේ වනවිට මෙම සහතිකකරණය හිමිකරගෙන ඇත. මෙම ගෞරවණීය සමාගම් හා ආයතන ලැයිස්තුවට ඇතුළත් වීමත් සමග, තිරසාර සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍යකරණයේ පුරෝගාමියෙකු ලෙස DFCC බැංකුව සතු පිළිගැනීම තවදුරටත් තහවුරු වනු ඇත.

එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ සම්මුතිය (United Nations Framework Convention on Climate Change – UNFCCC) යටතේ රටවල් 194 ක දායකත්වයෙන් 2010 වසරේදී ඨක්‍ත්‍ අරමුදල ස්ථාපිත කරන ලදී. දේශගුණ විපර්යාස සම්බන්ධ අභියෝගවලට මුහුණදීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට අත්වැලක් වීම මෙහි මූලික අරමුණ විය. මෙම අරමුදල, දේශගුණ විපර්යාසවල බලපෑම්වලින් වඩාත්ම අවදානමට ලක්විය හැකි රටවල අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙන අතර, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සහ දේශගුණික අභියෝගයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment