බවර් සමාගමේ අනෝජා බස්නායක, ප්‍රථම ජාතික ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී ලැයිස්තුවට

29

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක්වන බවර් සමාගමේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂිකා අනෝජා බස්නායක, ශ්‍රී ලංකා පරිගණක සංගමය පළමු වරට ප්‍රකාශයට පත්කරන ලද 2023 ජාතික ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී ලැයිස්තුවට තේරීපත්ව තිබේ. ඒ ඇය, මෙරට තාක්ෂණ අංශයට ලබාදුන් දායකත්වය අගයමිනි.

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වෘත්තීකයින්ගේ ඉහළම වෘත්තීය සමාජයවන ශ්‍රී ලංකා පරිගණක සංගමය විසින් ජාතික ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී ලැයිස්තුව 2023 දෙසැම්බර් 12 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රකාශයට පත්කෙරුණි.

එහිදී මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ප්‍රමුඛ දායකත්වයක් දුන් පුද්ගලයින් ඇගයීමට ලක්විය. ලොව පුරා සියලු‍ කර්මාන්ත ඩිජිටල් පරිවර්තනයකට ලක්වෙමින් පවතින වර්තමානයේදී ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී තනතුරේ භූමිකාව ද දැඩි වෙනසකට ලක්ව තිබේ. එනම්, අතීතයේ හුදෙක් සහායක භූමිකාවක් පමණක් වූ එම තනතුර වර්තමානයේදී වඩාත් ක්‍රමෝපායික වැදගත් තනතුරක් ලෙස අවධානයට ලක්ව තිබේ. ජාතික ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී’ලැයිස්තුව සකස් කිරීමේදී ඒ පිළිබඳව ද විශේෂ අවධානයක් යොමුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment