සජිත්ට සුබ උපන් දිනයක්

57

විපක්‍ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 57 වැනි උපන් දින සමරුව අදට (12දා) යෙදී ඇත.

ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ හා හේමා ප්‍රේමදාස මහත්මියගේ පුතුනුවන් වන සජිත් ප්‍රේමදාස මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. මේරිලන්ඩ් ලන්ඩන් ආර්ථික විද්‍යා විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හදාරා ඇත.

1993 මැයි පළමු වැනිදා සිය පියාණන් වූ රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනයට ලක්වීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි එජාප දේශපාලනයට සම්බන්ධ වෙමින් 1994 වර්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ එජාප සංවිධායක ධුරයට පත් විය.

2000 පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්වූ අතර, 2001 දෙසැම්බර් 05 වැනිදා පැවැති පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් එජාප අපේක්‍ෂකයකු ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය ජයගෙන චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ජනාධිපති ධුරය හෙබවූ රජයේ රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති ධුරයට පත්විය. 2011 වර්ෂයේ දී එජාප නියෝජ්‍ය නායක ධුරයට ද පත්විය. 2015 වර්ෂයේ මෛත්‍රි – රනිල් යහපාලන ආණ්ඩුවේ නිවාස හා සමෘද්ධි කටයුතු පිළිබඳ කැබිනට් ඇමැති ධුරයට පත්වූ සජිත් ප්‍රේමදාස මහතා, 2019 නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් හංසයා ලකුණින් තරග කළේය.

සමෘද්ධි ඇමැතිවරයා ලෙස අඩු හා මධ්‍යම ආදායම්ලාභි පවුල් සඳහා ජාතික නිවාස ව්‍යාපෘතියක් ද, දිළිඳුකම පිටුදැකීමට ව්‍යාපාර කීපයක් ද ඔහු විසින් ක්‍රියාත්මක ලදී. තරුණ සවිය, තරුණ ව්‍යාපාරය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිළිඳුකම පිටුදැකීම සඳහා ජනතා සංවර්ධන පදනම, ජන සුවය ඔහු විසින් ආරම්භ කරන ලද වැඩසටහන්ය. 2600 සම්බුද්ධත්ව ජයන්ති උළෙල නිමිත්තෙන් එයට සමගාමීව බෞද්ධ වෙහෙර විහාර සහ දහම් පාසල් සඳහා ආධාර කිරීමට “සසුනට අරුණ” වැඩසටහන ද ආරම්භ කළේය. 2020 ජනවාරි 03 විපක්‍ෂ නායක ධුරයට පත්වූ අතර 2020 මාර්තුවේ දී සජබ පිහිටු විය. 2020 අගෝස්තු පාර්ලිමේන්තු මහා මැතිවරණයේ නව පක්‍ෂයක් ලෙස සජබ ප්‍රබල විපක්‍ෂය විය.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment