යුගදනවි – LNG ගැන හෙට කැබිනට්ටුවේදී ජනපති කතා කරාවිද?

211

හවුල්කාර පක්ෂ දෙගිඩියාවෙන්

යුගදනවි එල්එන්ජි බලාගාරය ඇමරිකානු සමාගමකට පැවරීම පිළිබඳව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් පෙන්වා දී ඇති කරුණු සම්බන්ධව හෙට (08දා) කැබිනට් මණ්ඩලය හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමුවනු ඇතැයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් ‘දිවයින ඉරිදා සංග‍්‍රහයට’ ට පැවසීය.

මෙම ගැටලූව සම්බන්ධයෙන් පසුගිය 29 වැනිදා නුගේගොඩදී පැවැත්වූ මහජන මන්ත‍්‍රණ සභාවේදී සාකච්ඡා කරන අවස්ථාවේ ජනාධිපතිවරයා රට තුළ නොසිටි බැවින්, මේ පිළිබඳව ඔහුගේ අවධානය යොමු කිරීමට නොහැකි වූ බව ද හෙතෙම පැවසීය.

ජනාධිපතිවරයා මෙහිදී යම් විසඳුමක් ලබාදෙනු ඇතැයි විශ්වාස කළද තමන්ට ඒ පිළිබඳ සියයට සියයක විශ්වාසයක් නැතැයිද ඔහු සඳහන් කළේය.

යුගදනවි ප‍්‍රශ්නය සහ දේශීය සම්පත් මීට පෙරද රැක
ගැනීම පිළිබඳව හවුල්කාර පක්ෂ විසින් ජනාධිපතිවරයාගේ අවධානයට ලක්කළ බව ද එම පක්ෂ නායකයා වැඩිදුරටත් කීවේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment