ලබන වසරේ ජනාධිපතිවරණයට පුටින් ලෑස්තියි

138

ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග වදින බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර තිබේ.

යුක්‍රේනයට එරෙහිව සටන් වදින රුසියානු හමුදා සොල්දාදුවන් වෙනුවෙන් පැවති සම්මාන උත්සවයකදී ජනපති පුටින් මේ කරුණු හෙළිකර ඇත.

රුසියානු ජනාධිපතිවරණය ලබන වසරේ මාර්තු 15 සහ 17 අතර දිනෙක පැවැත්වීමට නියමිතය. ලබන මාර්තු මාසයේ ජයග්‍රහණයෙන් පසු ඔහුට 2030 දක්වා ජනාධිපති ලෙස රැඳී සිටිය හැක. එම වසරේ යළි තරග කිරීමට තීරණය කළහොත් ඔහුට 2036 දක්වා තවත් වසර හයක් ජනපති ධුරය දැරිය හැක. පුටින් දැන් 71 හැවිරිදිය. ඔහු මුලින්ම ජනපති ධුරයට පත්වූයේ 2000 වසරේදීය.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment