පාසල් නිවාඩුවට පෙර නිල ඇඳුම් දෙන්න හැකිදැයි සොයයි

143

පාසල් තෙවැනි වාරය අවසන් වීමට පෙර නිල ඇඳුම් ලබා දීමට ඇති හැකියාව පිළිබඳව සලකා බලමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

තෙවැනි පාසල් වාරය ලබන 23 වැනිදා අවසන් වේ. නව පාසල් වාරය ජනවාරි 03 වැනිදා ආරම්භ වේ.

නිල ඇඳුම් ලබාදීම රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ අමාත්‍යාංශය මගින් සිදුකෙරෙන බව ද දරුවන්ට නිල ඇඳුම් ලබාදීම දේශීය ව්‍යාපාරිකයන් 4දෙනකු භාර ගෙන ඇති බව ද ලේකම්වරයා සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment