එළවළු මිල සොයන්න පාරිභෝගික අධිකාරිය මැදිහත්වන්න – පාරිභෝගික අයිතිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය

38

වෙළෙඳුන් අසීමිත ලෙස එළවළු මිල ඉහළ නැංවීම නිසා අද පාරිභෝගික ජනතාව වහ බොන තැනට පත්ව ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ‘දිවයින’ ට ඊයේ (17 දා) පැවසීය.

එළවළු මිල ඉහළ දැමිම ගැන සොයා බැලීමට පාරිභෝගික කටයුතු අධිකාරිය වහා මැදිහත් විය යුතු බව ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ රංජිත් විතානගේ මහතා මෙසේද සඳහන් කළේය. “එළවළු මාර්කට් සියල්ලකම එළවළු මිල ඉතා අධිකයි. මේක පාරිභෝගිකයන්ට දරාගන්න බැහැ. වෙළෙන්දෝ ඔවුන්ට හිතෙන හිතෙන ගණන්වලට එළවළු මිල ඉහළ නංවනවා. මේක වැරදි වැඩක්. අනිත් එක මේ බොහෝ වෙළෙන්දෝ සතුව තියෙන්නේ හොර තරාදි. හරියට කිරන්නේ නැහැ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment