පුංචි ඡන්දය සමානුපාතිකව මහින්ද දේශප්‍රියට එජාපයෙන් යෝජනාවලියක්

99

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේදී කොට්ඨාස ක්‍රමයේ ගැටලු පවතින්නේ නම් සමානුපාතික ක්‍රමයට එම මැතිවරණ පවත්වන ලෙස එක්සත් ජාතික පක්‍ෂය ජාතික සීමා නීර්ණය කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට දැනුම් දී ඇත.

පළාත් පාලන සීමා නීර්ණය ගැටලු සහගත බවට දේශපාලන පක්‍ෂ විසින් ජාතික සීමා නීර්ණය කමිටුව වෙත විරෝධය පළකර ඇති අතර එක්සත් ජාතික පක්‍ෂය ද ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සීමා නීර්ණ කමිටු සභාපතිවරයාට ලබා දී තිබේ.

සීමා නීර්ණය කමිටු නියා්ජිතයන් සහ එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් පාලිත රංග බණ්ඩාර, පක්‍ෂයේ මහලේකම් නීතිඥ නිශ්ශංක නානායක්කාර ඇතුළු කණ්ඩායමක් හමුවී සිදුකළ සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්‍ෂයද සිය යෝජනාවලිය කමිටු සභාපතිවරයාට ලබාදී තිබේ. පළාත් පාලන නියෝජිතයන් පත්කර ගැනීමේදී පුත්තලම, කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක 6 අසම්මතික තත්ත්වයක් පවතින බවත් එවැනි දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන දෙකඩ කොට පළාත් පාලන ආයතන දෙකක් ස්ථාපිත කරන ලෙසත් ඉල්ලා ඇත. කෙසේ වෙතත් සමස්ත සභික සංඛ්‍යාව 5000 නොඉක්මවිය යුතු බවද එජාප යෝජනාවලිය මගින් ඉල්ලා ඇත.

එක්සත් ජාතික පක්‍ෂයේ යෝජනා ද පාර්ලිමේන්තු කමිටුව වෙත යොමු කරන බවද දේශප්‍රිය මහතා එජාප නියෝජිතයන්ට දැනුම් දී ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment