අන්තර්ජාලයෙන් දැරිය විකිණීම: වෙබ් අඩවි 4 ක් තහනම්

337

ගල්කිස්සේ පහළොස් හැවිරිදි දැරිය ලිංගික කටයුතු සඳහා මුදලට අලෙවි කිරීමට අන්තර්ජාලය ඔස්සේ වෙළෙඳ දැන්වීම් පළකළ වෙබ් අඩවි හතරක් කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නියෝග මත තහනම් කර ඇත.

 මෙම වෙබ් අඩවි 4 තහනම් කරන ලෙස ළමා හා කාන්තා කාර්යාංශය මගින් කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මහෙස්ත‍්‍රාත්වරයා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත නියෝගයක් කරමින් මෙම වෙබ් අඩවි හතර පෙරේදා (11 දා* සිට තහනම් කර තිබේ.

 ඒ අනුව මෙසේ තහනම් කර ඇත්තේ ලංකා ඇඞ්.කොම්, නැප්ටි ලංකා.කොම්, රෙඞ් රෝස් ලංකා .කොම්, මැසේජ් රිපබ්ලික්.කොම් යන වෙබ් අඩවි හතර බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය. මෙතැන් සිට මෙම වෙබ් අඩවිවලට තොරතුරු ලබාදීම බෙදාහැරීම සපුරා තහනම් ය. ගල්කිස්සේ පහළොස් හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර ලිංගික කටයුතු සඳහා යෙදවූ පුද්ගලයන් සහ ඇය ඒ සඳහා යොදාගත් පුද්ගලයන්

 50 කට ආසන්න පිරිසක් මීට ඉහතදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර තිබිණි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment