ආසියාව දිනවූ අපේ නදීශා

927

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා නදීෂා රාමනායක ඊයේ (13 වැනිදා) තායිලන්තයේ බැංකොක් නුවර දී සමත් වූවාය.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා නදීෂා රාමනායක ඊයේ (13 වැනිදා) තායිලන්තයේ බැංකොක් නුවර දී සමත් වූවාය.

ඒ අනුව ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කමක් ජයග්‍රහණය කළ 8 වැනි ශ්‍රී ලාංකිකයා ලෙස නදීෂා රාමනායක ගේ නම ඉතිහාසයට එක් වේ.

නදීෂා තත්පර 52.61ක කාලයක් වාර්තා කරමින් එම රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර එම තරග නිමි කාලය ඇයගේ හොඳම පෞද්ගලික දක්ෂතාවය ද වේ. එය මීටර් 400 ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන්ගේ තුන්වැනි හොඳම දස්කම ලෙසද වාර්තා අතරට එක්වෙයි. ශ්‍රී ලංකාව අවසන් වරට කාන්තා මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ 2000 වසරේ ආසියානු ශූරතාවලියේදී දමයන්ති දර්ශා විසිනි. එම ඉසව්වේ වාර්තාව ද දමයන්ති දර්ශා සතුව පවතී. ඒ අනුව ශ්‍රී ලංකාව මීටර් 400 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගනු ලැබුවේ වසර 23කට පසුව වේ. මේ අතර ඊයේ අවසන් තරග සඳහා ඉදිරිපත් වූ අරුණ දර්ශන සහ රාජිත රාජකරුණා දෙදෙනාට පදක්කම් දිනා ගැනීමට නොහැකි වූයේය. මීටර් 400 පිරිමි අවසන් තරගය නියෝජනය කරමින් අරුණ දර්ශන 07 වෙනි ස්ථානයටත් රාජිත රාජකරුණා 08 වෙනි ස්ථානයටත් පත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment