සති අන්ත නිවාඩුවේ විදුලි ඉල්ලුම පහළට: ඩීසල් නැවක් වරායට එයි

239

සති අන්ත නිවඩුවත් සමග විදුලි ඉල්ලුම පහළ ගොස් ඇතැයි ද මේ වනවිට ඉන්ධන නොමැති නිසා කැලණිතිස්ස, සපුගස්කන්ද බලාගාර නැවතී තිබුණත් අඛණ්ඩව විදුලිය ලබාදීමට හැකි වාතාවරණයක් නිර්මාණය වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

මේ අතර මෙටි‍්‍රක් ටොන් 37,500ක් අඩංගු ඞීසල් නෞකාවක් ඉකුත් 04 වැනිදා පෙරවරුවේ කොළඹ වරායට පැමිණි බවත් ඉන් ඞීසල් ගොඩබෑම ආරම්භ කිරීමට සිදුවන්නේ හෙට (07 දා) සිට බවත් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

කෙසේ වෙතත් සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දින තුනම රජයේ හා පෞද්ගලික අංශයේ නිවාඩු දින බැවින් විදුලි ඉල්ලුම මෙගාවොට් 2276ක් පමණ දක්වා පහළ බැසීම නිසා පෙර කී බලාගාර නතර කළත් එය ජාතික විදුලි පද්ධතියට දරා ගතහැකි බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ කියා සිටියහ.

මේ අතර කොළඹ වරායේ පිහිටි පාවෙන බලාගාරය (බාච්) මෙගාවොට් 60, කැලණිතිස්ස පරිශ‍්‍රයේ බලාගාර දෙක (280) සහ සපුගස්කන්ද (160) බලාගාරයට අවශ්‍ය ඉන්ධන අවසන් වී තිබුණ අතර විදුලි ඉල්ලුම සැපයුම මත යම් යම් ප‍්‍රදේශවලට විදුලි කපාහැරීම් සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩල පාලන පද්ධතියේ ඉංජිනේරුවරු සඳහන් කළහ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment